අදහස් හා විවේචන

රන්ජිත් අතලේ හා ඔහු සම්බන්ධව අප මෙහි දක්වා ඇති කරුණු සම්බන්දව ඔබට මෙහිදී අදහස් හා චෝදනා ‍හෝ යෝජනා ඉදිරිපත් කළ හැකි ය. ‍සියලුම කරුණු සිංහල යුනිකෝඩි භාවිතයෙන් එවිය යුතු අතර මාතෘකාවට අදාල නොවීම, පහත් ආකාරයේ වචන භාවිතය ආදිය ප්‍රසිද්ධ නොකිරීමට හේතු විය හැකි ය. මෙහි සාකච්ඡා කළ නොහැකි හා එසේ හැ‍ඟෙන යමක් වේ නම් එය ‍fakeangampora@gmail.com ලිපිනයට එවිය හැකි ය.

7 comments:

  1. ග්‍රේෂන් නැමැත්තාගේ චීනඩි නමස්කාරය සහ රන්ජිත් අතලේගේ වුෂු නමස්කාරය අතර වෙනස කුමක්ද ?

    ReplyDelete
  2. ආයුබෝවන් දික්සඳ, වූෂූ හා කුංග් ෆූ යනු චීන සටන් ක්‍රමයන් වන අතර චීනඩි යනු චීන සම්බවයක් සහිත සටන් ක්‍රමයකි. පැහැදිලි ලෙසම කිව‍හොත් චීනඩි යනු ලංකාවේ පමණක් දක්නට ලැබෙන චීන හා ඉන්දියානු සටන් ක්‍රම වල මිශ්‍රණයකින් සැකසුණ සටන් ක්‍රමයකි. මෙතනින් චීනඩි අර්ථකතනය බලන්න. එමනිසා චීනඩි, කුන්ග් ෆූ හා වූෂූ යන සටන් කලාවන් තුනේම නමස්කාරය එක සමාන වේ.

    ReplyDelete
  3. චීනඩි කියන්නේ මිශ්‍ර සටන් ක්‍රමයක් නිසා ගොඩක් සටන් ක්‍රම වල ලක්ෂණ තිබෙනවා වෙනන පුලුවන්. නමුත් නියම චීන හා ජපන් සටන් ක්‍රම ආවම චීනඩි යටගියා. හැත්තෑව දශකයේ චීනඩි වලට තිබුණ තැන අනූව දශකය වෙනකොට සම්පූර්ණ නැති වෙනවා. ඒකට හේතුව ජපන් සටන් ක්‍රම වලට තිබුණ ලෝක පිළිගැනීම වෙන්න පුළුවන්.

    ReplyDelete
  4. දැන් මේ අනිත් අයගේ ඇහේ තියෙන කුණු රොඩු අයින් කරන්න හදන තමන්ගේ ඇහේ පොල පරාල තියන් ඉන්න තමුන් කව්ද? ඇත්තම කියනවනම් අතීත සටන් සම්ප්‍රදායන් එකක්වත් ඒ ආකාරයෙන්ම තියෙනවද යන්න සැකයක්.එහෙත් ගැන අදුරට සාප නොකර එක පහනක් හරි දල්වන එක හොදි නේද?

    ReplyDelete
  5. ආයුබෝවන්,

    අපේ ළඟ තියෙන පොල් පරාල අරගෙන තම තමන්ගේ කුණු රොඩු වලින් හැදිල තියෙන ගෙවල් දොරවල් හදා ගන්න බලාගෙන ඉන්න අය රාශියක් ඉන්න නිසා මෙයට වඩා පහන් දැල්වීමට අදහසක් නැහැ. අවශ්‍ය වුණොත් පමණක් දල්වන්නෙමු. තෙරුවන් සරණයි.

    ReplyDelete
  6. දැරණියගල මහත්තයගේ පොතට පින් සිද්දවෙන්න මේ යකා සටන් කලාවේ නම කනවා

    ReplyDelete
  7. ඔබ කියන දේ ඇත්ත,චීනඩි යනු ඉන්දියානු,ජපන් මෙන්ම චීන සටන් ක්‍රමවල සම්භවයක් සහිත සටන් තාක්ෂණයෙන් ඉතාමත්ම දුර්වලවූ සටන් ශාස්ත්‍රයකි.එය අංගම්පොර ශාස්ත්‍රයට කිසිඳු අයුරකින් සමාන නොවේ.ප්‍රබල චින සටන් කලාවන් වන ෂාඔලින් වූෂු හා කුන්ෆු වැනි සටන් ශාස්ත්‍රයන් හමුවේ මොවුනට සටන් කළ නොහැක. අංගම්පොර නමින් චීනඩි උගන්වන අංගම් චෞරයින් බොහෝදෙනෙක් තම බඩ වඩා ගැනීමට චීනඩි සහ අංගම් ශාස්ත්‍රය අතර සබඳතාවයක් ඇති බවට කෙස් පැලෙන තර්ක ගොඩගනති.ඔවුනට අංගම්පොර තියා ප්‍රාථමික සටන් ක්‍රීඩාවක් වන කරාතේ වැනි ශිල්පයක් සමඟ වුවද ගැටීමට නොහැක.

    ReplyDelete

ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
(සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පමණි)
(ඉංග්‍රීසියෙන්/සිංග්‍රීසියෙන් ලැබෙන කොමෙන්ටු ප්‍රසිද්ධ නොකෙරේ)